Saturday, June 7, 2014

අප්පා නැති අපට.....................

පියෙක් විසින් නිල්වලා ගඟට විසිකල දරු පැටවුන් හමුදා සෙබලුන් සිව් දෙනෙක් බේරා ගනී -පුවතක්-

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
නංගියි මමයි මහ වතුරට ආ සැටියා
දැක දැක නොදැක්කා වාගේ ඌ සිටියා

මතු බුදු වෙන්න ඔබ පෙරුමන් පුරනවද
උඩු ගං බලා අප යයි යැයි සිතුවාද
වෙස්සන්තර වගේ පෙරුමන් පුරනවද
අපෙ දුක් සුසුම් අප්පච්චිට ඇහෙනවද

හතර වරම් දෙවි මුර කුටියෙන් ආවා
නිල ඇඳුමෙන්ම මහ දිය කඳ වෙත ආවා
පිය සෙනෙහස ගං දිය පතුලේ බාවා
සිව් මහ දෙවිඳු අප හට සෙනෙහස පෑවා

මාතර ගඟේ දිය මතු බොර වෙන්න එපා
කිඹුලියගේ පැටව් නම් තනි වෙන්න එපා
පියවරු සිතට රලු සිතිවිලි එන්න එපා
අප්පා නැති අපට බඩගිනි වෙන්න එපා

No comments:

Post a Comment