Saturday, June 7, 2014

ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා....

ඉර බටු තරුව විතරක් නිරුවත් ආකහේ අතරමං වෙලා ...අහස මල පාලුයි. වෙන එකතරුවක් වත් නැහැ .අද හඳ එකක් නැහැ....අද විතරක් නෙමේ ...............හ්ම්............
සඳ කැලුම් ගලද්දී මම හිතුවේ නැහැ අමාවක අහස මෙච්චර කරුවල ඇති කියල..කොච්චර සඳට සැහැසිකම් කලත් සඳ නැතිදා....පුංචි ඉරබටු තරුව විතරක් අහසේ මක් කරන්නද......හදවතේ වේදනාව සනසන්නේ කවුද........අපි අතීතයේ කොච්චර සතුටින් හිටියද....
වරද මගේ .....
හදවත මත කැටයම් කල ප්‍රේම කැටයම් කාලයත් එක්ක වියැකිලා ගිහින් .....ජීවිතයේ ගමනින් මට හොඳටම මහන්සියි....
ඔබළඟ ඉන්න තුරු ඔබේ වටිනාකම දැනුනේ නැහැ මට.. හැමදෙයක්ම සරලව දැක්කේ...හරිම ලේසියට....ඒත් ජීවිතයට මුහුණ දෙනකොට ඒක කොච්චර අමාරුද.... ඇත්තටම ආදරයක් ඇත්නම් එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන්ද......

මම ඔබට ආරාධනාවක් කරන්නද.....
ඔබ ඔබේ දෑස් වසාගන්න.....හිතින් අහන්න....මේ ඔබේ කතාව නොවේද....ඔබටම ආවේනික හරියටම ඔබේ කතාව නේද....ඇස් අරින්න එපා ....සිහින ලෝකෙම ඉන්න .....අවදි නොවී ......කොච්චර ලස්සනද......ඒත් හැබෑ ලෝකේ......

නමසිය අසූ එකේ නොවැම්බර් දහතුන මිලිමීටර් තිස්පහේ පටියක සිත්තම් වෙච්ච කතාවක් ලංකාව පුරා සිනමා ශාලා වල දිගහැරෙන්න පටන් ගන්නවා.. මටනම් එතකොට මාස 9යි වයස... අදියුරුවම විජය ධර්ම ශ්‍රී....බරපැන විජය රාමනායක.

මම චිත්‍රපටියේ මුළු කතාවම කියන්නේ නැහැ.කිව්වොත් මම කියන්න යන ගීතයට ඔබ හිතේ මවාගන්න කතාව බොඳවෙලා යනවා... එතකොට විජය ධර්ම ශ්‍රී හිතේ මවාගත්ත කතාව විතරයි ඔබ දකින්නේ...ඒත් ගීතයක් නිධාන කතාව නොකියා පඳුර වටේ තලනවා වගේ ආගිය කතා කිව්වම එක එක්කෙනාගේ හිත්වල එක එක කතා ඇඳෙනවා
...තමන්ට අදාළ.....ඒවා කොච්චර ලස්සනද .......

එක ජවනිකාවක් විතරක් කියන්නම් ඔන්න කාලෙකට පස්සේ රවීන්ද්‍ර රන්දෙණිය එනවා කෝච්චියේ අතීතය මතක් කර කර තමන්ට ජීවිතයේ අතරමගදී මඟහරුන කෙනාව ඒ කියන්නේ මාලනී ව හොයාගෙන ..
පසුබිමින් ඇහෙන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතය....අමරදේවයන්ගේ හඬින් ....මේ කුලරත්න ආරියවංශයන්ගේ පද පේලි නේද...

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙඅන් යළි වඩින්න..
ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
ආරාධනා

එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා...


අවුරුදු හතකට පස්සේ මගේ සරසවි මිතුරෙක් කතාකලා....Kushan sucharitha එහෙම නැත්නම් ආදරණීය බස්සා .... මොකටද............ මේ සින්දුව මට මතක් කරලා දෙන්න .... වැඩ රාජකාරි එක්ක කාලයේ වැලි තලාවෙන් යටවෙලා ගිය යාලු මිත්‍රකම් අලුත් වෙලා.... පුද්ගලික බෙහෙත් සාප්පුවේ ලෙඩ්ඩු පිරිලා ඉන්න වෙලාවක .....මුදල් ගැන නොහිත මෙන්න මට කතා කරනවා.... ආරාධනා ගීතය මතක් කරන්න.....ගීත කියන්නේ හරි පුදුම දේවල්....ගීත නිසා කොච්චර යාලුමිත්රකම් අලුතින් ඇති උනාද... පරණ ඒවා අලුත් උනාද............
ආරාධනා ..........................

ඔබත් දෑස් පියාගෙන අහල බලන්න


No comments:

Post a Comment