Friday, June 6, 2014

සුවඳ සුදු සියපත්..................................

මොර සූරන වැස්සක් කඩන් වැටුනා ... මහා හයියෙන් හෙන ගෙඩිත් එක්ක.... අනුරාධපුර අහස හඬා වැටෙනවා.....මන්නාරමේ නම් කොහෙද මෙහෙම වැස්සක් ...
අකුණු සද්දෙට හිත ගස්සුනත් මම තදින් ඇස් දෙක පියාන්ගත්තා....සුනිල් එදිරිසිංහයන්ගේ හඬ මට ඇහෙනවා වගේ

සිනාසෙන අපිමයි හඬන්නේ
බොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඬ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්

නියඟ ඇවිලෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී .....
දිනෙක යළි හිරු නැගෙනවා

පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැනයයි......
වඩින පුරපස සඳ බලා

මොහොතක් හිනා වෙලා ඉන්න අපිමයි ඊළඟ මොහොතේ අඩන්නේ , හරියට පොඩි දරුවෝ වගේ.... කොච්චර සතුටින් නම් අපි හිනාවෙලා උන්නත්...හ්ම්
පුංචි සිද්ධියකින් , පුංචිම පුංචි කාලයකින් අපි අඬනවද .....
කව්දෝ facebook එකේ දාල තිබුන පොස්ට් එකක් මතක් උනා. " දරාගන්න බැරි දුකකදී අඩන්නේ සංවේදී මිනිස්සු....ඒක හංගන්න හදන්නේ දහිරිය වන්ත මිනිස්සු...,දුක අමතක කරන්න හදන්නේ උත්සාහවන්ත මිනිස්සු...දුකට පිලියමක් හොයන්නේ බුද්ධිමත් මිනිස්සු.......එත් දුක හිතේ හිරකරගෙන කඳුළු නොපෙන්වා හිනාවෙලා ඉන්නේ මේ සේරම ගුණ තියන මිනිස්සු......මේ වගේ මිනිස්සු ගැහැණු කොච්චර නම් ඉන්නවද.......අපිට ඔවුන්ව අඳුන ගන්න පුලුවන්ද...බෑ , මොකද ඔවුන් තමයි වැඩියෙන්ම හිනාවෙලා ඉන්නේ...
කවුරු හරි හිනා වෙලා කතා කරලා ඉන්නවනම් මේ සමාජේ (නො) මිනිස්සු මොකද කියන්නේ..... "හිනා වෙන හැටි විතරක්.....මෙයාට මොන ප්‍රශ්නද.....බලාපල්ලකෝ "
නමුත් එතන වැඩියෙන්ම ප්‍රශ්න තියන කෙනා වෙන්න පුළුවන් වැඩියෙන්ම හිනා වෙන්නේ.... දැන් සමහරු කියයි මට පිස්සු කියල...නෑ ඒක ඇත්ත.., මම දැක්ක එහෙම මිනිස්සු....මම දන්නවා එහෙම මිනිස්සුන්ව......හොඳට හිනාවෙලා අනිත් අයව සතුටින් තියල හිත යටින් හඬා වැටෙන මිනිස්සුන්ව ...,

කලල් මැඬ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්

මඩ වගුරේ පිපුණු සුවඳ සුදු නෙළුම් වගේ ඔවුන් ඒ දුර්ගන්ධ වූ සමාජය සුවඳවත් කරනවා.
නියං අහස දන්නවද දවසක වැස්ස වැටෙනවා කියල.....ඒ අහස හිතාගෙන ඉන්නේ හැමදාම ඉඩෝරය කියල....දුක් වෙනවා.....නමුත් දවසක වැස්ස වැටෙනවා...පීඩිත සිත් වේලිලා කරකුට්ටන් වෙච්ච සිත් සිහිල් දියෙන් තෙමාගෙන වැස්ස වැටෙනවා.....එත්
වැස්ස හැමදාම තියේවිද ...... වැස්ස ගැන කොච්චර උදම් උනත් ...දවසක හිරු පායනවා.
වැස්සේ නැත්නම් නියගයක් නැත ....නියගයක් නැත්නම් වැස්සක්ද නැත.

ලස්සනට පළාතම සුවඳවත් කල මල් පරවෙලා වැටෙනවා ...කොච්චර දුකක්ද..... සමහර වෙලාවට සමාජයේ හොඳ මිනිස්සු වෙන්වෙලා යනවා...ප්‍රියයන් වෙන්වෙලා යනවා...අප්‍රියයන් ඉන්නවා.....නමුත් ඒ මල් පරවෙලා වැටෙන්නේ ගස ගෙඩිවලින් පුරවල......කොච්චර හොඳ දෙයක්ද...මලට වඩා කොච්චර වටිනවද ගෙඩි...යමෙක් ඒ යථාර්තය තේරුම් ගනී නම් ඔහු හෝ ඇයට පහන් සිතින් සිතිය හැකි වේ.
වෙන්ව යන්නෝ වෙන්ව යන්නේ වඩා හොඳ දෙයක් ඉතිරි කරය..............

අමාවක අඳුර පැනයනවා අර එන පුරහඳ දැකල........

තව මොනවා ලියන්නද.....තව පොඩ්ඩකින් වැඩට යන්නත් එපායැ .... මන්නාරමේ වගේ යැ මෙහෙ.................
හැලෙන මහා වැස්සට, සුදු නෙළුමට, පුරපස සඳට....දුක හිතේ දරාගෙන සමාජය හිනස්සන්න හිනා වෙන මිනිස්සුන්ට මේ සටහන උපහාරයක් වේවා. ඔවුන්ගේ සිත් පහන් වේවා. දුක් ගිනි නිවේවා.


No comments:

Post a Comment