Sunday, June 8, 2014

සංවේගයෙන් දැනුම්දීමයි.............



මිතුරෙක් කතා කලා ...... ඔහු මගෙන් අහනවා....දැන් හුඟක් අය සින්දු වලට තේරුම් ලියනවා නේද කියල.....
ඉතින් හොඳයිනේ.....මම කිව්වා.....

ඒ කියන්නේ සිංහල සුහාවිත ගීත රසවිඳින අය ගොඩක් ඉන්නවා....සතුටුයි....ඇත්තටම.....
ඒ වගේම මම ඔහුට කිව්වා...මම නම් ලියන්නේ ගීත වලට තේරුම් නෙමේ කියල......මම ලියන්නේ වල්පල්....ඒ කියන්නේ ආගිය කතා.....මොකක් හරි සින්දුවක් නිසා මගේ ජීවිතයේ ඇතිවුන මතක සටහන්.....ගොඩක් වෙලාවට ඒවා කිසිම ගැලපීමක් නැහැ.....මම කියන සිද්ධියත් එක්ක.....නමුත් ඒ ගීත මට දැනුනේ එහෙම......ඉතින් ඔබ යම්කිසි ගීයකට හිතේ ඇඳන් ඉන්න කතාව.....චිත්‍රය එහෙමම තියාගන්න.....මොකද ඒක තමයි ලස්සනම......මම ඔබේ ඒ ලස්සන චිත්‍රය අල්ලන්නේවත් නැතුව.....දියසායම් ටිකක් වතුරට දාල කලත්ත කලත්ත ඉන්නම් ලස්සන රටා මැවෙන්න ........


කොහොම හරි දැන් මේ වැඩේ හින්ද අලුත් යාලු මිත්‍රයෝ ගොඩයි...ඒ වගේම පරණ හිතවත්කම් අලුත් වෙලා....හ්ම්

පහුගීය දවස් ටිකේම මම හරිම කාර්ය බහුල වෙලා හිටියේ.....අවුරුදු දෙකක්ම හිටපු මන්නාරමෙන් ඇවිල්ල අලුත් තැනක.....කොහොමත් අලුත් තැනට පුරුදු වෙනකන් මහා හොන්දුමාන්දු ගතියක් තිබුන....ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අලුත් තැනට පුරුදු උනා කියමුකෝ.....පහුගිය ටිකේ කරන්න අමතක වෙච්චි දේවල් ටික ටික මතක් වෙනවා.....අලුත් අවුරුද්දට ඉස්සෙල්ලනේ මම කොන්ඩේ කැපුවේ....හරිනම් කොන්ඩේ කපන්න තිබ්බ දවස් පහුවෙලා.....ඔන්න මම බූසේ වගේ කොන්ඩෙත් එක්ක සැලුන් එකට යන්න පිටත් උනා......

දැන් මම අවුරුදු හය හතක ඉඳන් කොන්ඩේ කපන්නේ එකම තැනකින්....හා හා පුරා කියල අනුරාධපුරේ ආවත් හරි එකම තැනකින් තමයි කොන්ඩේ කපන්නේ.....ඒකත් එකම පුද්ගලයාගෙන්......ඉස්සර අපේ ගමේ බාබර් සාප්පුවේ නම් එක බාබර් කෙනයි හිටියේ.....අහල ගං දෙක තුනකටම.....ඒත් දැන් "බියුටි සැලුන්" වල "හෙයාර් කට්" කරන නංගීල මල්ලිලා ගොඩක් ඉන්නවනේ.....මං මන්නාරමේ ඉන්න කාලෙත් ගෙදර ඇවිල්ල අනුරාදපුරේ අර ඉස්සෙල්ල මං කිව්ව තැනින්...එකම මල්ලි කෙනෙක්ගෙන් තමයි කොන්ඩේ කැපුවේ...

සැලුන් එකේ කොච්චර සෙනඟ හිටියත් , අනිත් අය ළඟ කවුරුත් නොහිටියත් අර පුද්ගලයා ලඟින්ම කොන්ඩේ කපාගන්න බලාගෙන ඉන්නවා.....කල් මර මර.....මම විතරක් නෙමේ...ගොඩක් අය එහෙමයි.....ඔහු එතන අයිති කාරයත් නෙමේ....හැබැයි එතනට ගියාම පුදුම ගරුසරුවක් තියෙන්නේ...පාරිභෝගිකයා දෙවියාය කියන සංකල්පයේ හිටිය ඔහු......කොන්ඩේ කපන කාලේ පුරාවටම මොන මොනවා හරි කියවනවා.....හරිම රසවත්....සුදු පාට කෙස් ගස් දැක්කහම ඔහු ඒකට බෙහෙතුත් කියනවා....ඒත් ටිකක් වෙලා ගිහාම.....මම දොස්තර කෙනෙක් කියල මතක් වෙලා ....." ආ........සර්ටත් මම බෙහෙත් ගැන උගන්නනවා....." කියල හිනා වෙනවා.............හ්ම්

මම ඔහුගේ නම විතරයි දන්නේ.....ඒත් ඔහු මගේ හිතවතෙක්.....ඒ හිතවත්කම මාසෙකට සැරයක් කොන්ඩේ කපන පැය බාගෙට ඇතිවෙච්ච දෙයක්....ඒ වුනාට ඔහු ඇත්තටම සහුර්දයෙක්........

ඉතින් ඉස්සෙල්ල කිව්වා වගේ මම මගේ බූසේ වගේ කොන්ඩෙත් එක්ක සැලුන් එකට ගොඩවුනා.....වෙනද දකින්න ඉන්න ඔහු හිටියේ නැහැ පේන්න ......ටික වෙලාවක් බලන් හිටිය මම....

"මල්ලි...අද අර අහවලා නැද්ද:?"...එතන හිටපු වෙන බාබර් මල්ලි කෙනෙකුගෙන් මං ඇහුව...ඔහුගේ නම කියල......

" ආ.....සර්...නැති උනානේ......"

මට තේරුණා මට හරියට ඇහුනේ නෑ කියල............දැන් කන් ඇහෙන එකත් අඩුවෙලාද කියල.....මං ඒ ප්‍රශ්නෙම ආයෙත් ඇහුව ..ඔහුගෙන්........

" අනේ සර්...එයා නැති උනානේ.....දැන් සති තුනක් විතර ඇති....ඇක්සිඩන්ට් එකකින්......බයික් එක හැප්පුනා .........."

මම කන්නාඩිය ඉස්සරහ පුටුවේ ඉඳගත්ත නෙමේ...ඉන්දවුණා ........... විශාරද ගුණදාස කපුගේගේ හඬ මගේ දෙසවන් වල දෝංකාර දෙනවා වගේ.........




කරගල ගගා එන්න
කරගලා ගගා එන්න
කරණවෑමි සෝයුරාණනේ
කරදර තැවුල් බරින්
මා හිස මුදාලන්න
කරණවෑමි සෝයුරාණනේ

නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දනට
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
පාමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට
අහිතක් නැත ඔබ හිතුවා

බිඩිය දමා බිමට ගඳ දුම් දී බුදුන්ට
ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
මගුලැතු ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට
හීනෙන් දෙදන නමනවා

ගී පදමාලාව රත්න ශ්‍රී විජේසිංහගේ සංගීතය කපුගේ ගෙමයි......

මම කිව්ව සිද්දියට මේ ගීතය ගැලපෙන්නේ නැහැ....ගීතයේ තේරුම ඒක නෙමේ තමයි.....නමුත් ඒ වෙලාවේ මට මතක් උනේ ඕක.....කොහොම හරි ජීවිතේ සුන්දරම කාලේදී...... අකල් මරණෙකට ලක් උන ඔහුට අපි නිවන්සුව පතමු......ඔහුව අදුරන්නේ නැති ඔබත් , නම විතරක් දන්න මමත් එකතුවෙලා ......


ගීතය අහන්න මෙතනින්

No comments:

Post a Comment