Thursday, June 5, 2014

ඉස්සෝ වඩේ ...............ඉස්සෝ වඩේ ......................



අලුත්ම බ්ලොග් එකක ඉස්සරලම ලියන්නේ මොනවද...හිතාගන්න බැහැ ....උණු උණු කැවුම් වගේ.......නෑ ...නෑ ...උණු ..උණු වඩේ


වඩේ කතාව මෙහෙමයි...මම facebok එකේ එක එක දිග පොස්ට් ලියන්නේ කාලෙක ඉඳල. 
මේ කුරුටු ගාන වැඩේ ....හින්ද දැන් අලුත් යාලුවෝ ගොඩයි... තව පරණ යාළුකම් අලුත් වෙලා.... කීප දෙනෙක්ම මට කිව්වා බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි පටන්ගන්න කියල . එක මම දකින්නේ මේ විදිහට...............
පොඩ්ඩක් හිතල බලන්න....ඔබ මං කියන්න යනදේ අත් විඳලා ඇති ගොඩක් වෙලාවට
ගොඩක් වෙලාවට නෙමේ...අනිවාර්යයෙන් අත්විඳලා ඇති.
හිතන්න ඔබ බස් එකක ගොඩක් දුර ගමනක් යනවා...අර කණ පැලෙන්න හයියෙන් දාපු මල් සිංදුවකුත් අහගෙන...
ඔය යන අතර මඟ කඩවල් වල ඔබ දකිනවා වඩේ විකුනන්න තියනවා...නා නා ප්‍රකාර වඩේ.... ලොකු වඩේ ..පොඩි වඩේ , ඉස්සෝ වඩේ ...
ඔබට වඩේ කන්න කොච්චර ආසා හිතුනත් කීයෙන් කී දෙනාද බස් එකෙන් බැහැල ගිහින් වඩේ කන්නේ....
ඔන්න ලස්සන කටහඬක් ඇහෙනවා..... ඔබේ හිත කොච්චර සතුටට පත්වෙනවද.... ඔබ ආසම සුවඳ එයා ලඟින් එනවා....කොච්චර මිහිරිද... එයා කිව්ව වචන දෙකට ඔබ කොච්චර ආසද....
ඉස්සෝ වඩේ ... ඉස්සෝ වඩේ ....
ඉතින් ඔබ ඔහුගෙන් වඩේ ගන්නවා....ළඟටම අරන් ආපු හින්ද....

මම බ්ලොග් එකක් පටන් ගත්තොත් කී දෙනෙක් ඒක කියවයිද.....
නමුත් හැමදාම ගොඩවෙන Facebook එකේ මගේ පොස්ට් එකක notification එකක් දැක්කොත් ඔබ අනිවාර්යයෙන් කියවනවා.... මමත් හරියට බස් එකට නැග්ග වඩේ වෙළෙන්දා වගේ...
ඔබ මොකද හිතන්නේ


හරිම දෙගිඩියාවෙන් උන්නේ මේ වැඩේ ගැන.....සමහරු කිව්වා බ්ලොග් එකක් පටන් ගන්න කියල.සමහරු කිව්වා එපා කියල....ඔන්න අන්තිමට මම වෙනද වගේම හිතුවක්කාර විදිහට තීරණයක් ගත්ත.....හැදුව බ්ලොග් එකක්........


වෙන විදියට කියනවනම් වඩේ වෙළෙන්දා දැම්ම පොඩි තේ කඩයක්.....දැන් මේකේ වඩේ විතරක් නෙමේ....කහට වැඩි උණු උණු ප්ලේන්ටිත් තියනවා.....බීල බලන්න හකුරු කෑල්ලකුත් එක්ක....මේවා සීනි හකුරු නෙමේ...ඔරිජිනල් මන්නාරම් තල් හකුරු.....

1 comment: