Thursday, June 19, 2014

අතඟිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න....

අහසේ කළු ගැහිච්ච වලාකුළු කැරලි ගැහිලා...වැහි බීරිම හාත්පස කළු කරලා....
කොහොමත් මේ රාත්‍රිය කරුවලයි තමයි...ඒත් පෝය ගෙවිල එක දවසයි .....තවම......
හඳ සැරින් සැරේ කළු වලාකුලක් යට හැංගෙනවා ...... හරියට කෙලින් මූණ බලල කතා කරගන්න බැරි මට වගේ.....
හ්ම්......
තරු වියනට යටින් එලපු වැහි බීරිම හින්ද සද්ද නැතුව තරු ගණන් කරන්න හැදුව වැඩෙත් හරියන්නේ නෑ .......මගේ ඇස් වලට කඳුළු පිරෙනවා......
මම කොහොමද එයාගෙන් හංගන්නේ.....හීතල වෙච්ච කඳුළු.....
වෙනදටනම් කම්මුල් බැමි වාන් දමන්න ඉඩදුන්නා....ඔබ ඉස්සරහ...ඒත් අද.......ඔය මූණ බලාගෙන කොහොමද මං කියන්නේ........
හ්ම්.....
වැහි වලාකුලකට හඳ වැහුන.....දැන් ඔය ඇස් දෙක දිහා බලාගෙන මම කියන්නම්........
දැන් ඉතින් යන්න.....තව කොච්චරක් වෙලා ඉන්නද.....
පැයක් දෙකක් හිටියට මේ කිසිදෙයක් වෙනස් වෙන්නෙ නැහැ. තව පැය කීයද ඉතිරි... ඉක්මනටම හෙට වේවි..
හරියට තත්පර ගානක් ගෙවිල ගියා වගේ..හෙට
මට කඳුළු එන්න කලින් මාව දමා යන්න......වෙන් වෙලා යන්නේ මම උනත් ඔය මුහුණ දැක දැක මම යන්නේ කොහොමද .....අනේ ඒක හින්ද මාව තනි කරලා යන්න මෙතන....
මම පුර නම් ඒ පුරහඳට පෝය ලැබෙන්නේ අද විතරයි...හෙට අවපස සඳක් වෙලා මන් එනකොට............හ්ම්
මට ඔය ඇස්දෙක දිහා බලන්න බැහැ .....
මතකද ඉස්සර වරුගණන් ඔය ඇස් දෙක දිහා බලන් හිටිය........ හෙට ඔය ඇස්දෙක මතක් වෙනකොට කොහොමද මම තැලී ඇඳලා හත්මාල දාල මනාලියක් .වෙන්නේ .........හ්ම්
ඔබේ අහසට පුරහඳක් වෙන්න හිටි මම ......වෙන අහසක සඳක් වෙනවා හෙට...... ගත හිරිවට්ටන හීතල විතරයි ඉතුරු වෙන්නේ..... ගතින් වෙන් වුනත් අපි හිතින් හැමදාම අපි අපේමයි.....ඒහින්ද චුට්ටක් හිනාවෙමු........... කොහෙ හිනවෙන්නද......මොකට අපි අපේ හිත් රවට්ටගන්නවද......දැන් ඉතින් යන්න .......බොහොම පින් අද අන්තිමට මාව බලල යන්න ආවට ......මගෙත් එක්ක තරහ නෑ නේද....... දැන් යන්න .....ඔබේ අතැඟිලි වැදුනහම මගේ අතේ........මන් කොහොමද වෙන අතකට මුදු පලන්දන්නේ .....................
හෙට විවාහ වෙන්න ඉන්න තරුණිය.......තම පෙම්වතාගෙන් වෙන්වෙන අවසන් මොහොත......මේ කතාව ලස්සනට කියනවා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙන්න මෙහෙම....

මට කඳුළු එන්න කලියෙන්...
මං දමා යන්න...
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න...

මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි...
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි...
තව එපා ඉන්න...
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න..

මට කඳුළු එන්න කලියෙන්...
මං දමා යන්න..

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි...
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි..
දැන් ඉතින් යන්න..
අතඟිලි වැදුනම බැරිවෙයි මුදු පළඳවන්න..

දීපිකාට මේ පද පෙළ දුන්නේ අප අතරින් අකාලයේ සමුගත් ආනන්ද හේවාරන්හිඳගේ කිවිඳුන්..... තනුව හැදුවේ මහින්ද බණ්ඩාර ..........................
දැන් කඳුළු පිහදාගෙන ....ඇස පියාගෙන මේ ගීතය අහල බලන්න.............ගීත කියන්නේ හරි පුදුම දේවල් ......


No comments:

Post a Comment