Tuesday, June 24, 2014

අදයි පුතේ ඔබෙ උපන්දිනේ................



මීට අවුරුදු 2කට ඉස්සර ජුනි මාසේ 22දා......සුපුරුදු විදිහට මම හිටියේ මන්නාරමේ.....
මගේ ආදරණීය බිරිඳ අපේ කුලුදුල් දරු පැටියා කුසේ දරාගෙන දුක් වින්ද අනුරාධපුරේ තනියම.......සාමාන්‍යයෙන් තනියට ඇගේ නංගි ඇවිත් ඉන්නවා.....
කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න එදා නංගි හිටියෙත් නැහැ.....
මගේ හිතේ ලොකු බයක් තිබුනෙත් නැහැ....මොකද තව මාස 2 හමාරක්ම තියනවනේ....දිනේට.......නමුත් ඇයට සේවා ස්ථානයේදී අමාරු වෙනවා....කවුරුත්ම නැහැ ළඟ.....එක මිතුරෙකුට පින්සිද්දවෙන්න ඇයව ඉස්පිරිතාලෙට ඇතුල් කරනවා.....තවත් මිතුරියක් ගොඩක් උදව් කරනවා........ඇත්තටම අදටත් මම උන් දෙන්නව මතක් කරන්නේ පුදුම ගව්රවයකින්........ජනිත්ටයි...මාලිකා සහ දිලීපටයි ගොඩක් පින්.......ඔන්න ඉතින් පහුවෙනිදා ඒ කියන්නේ 23 වෙනිදා......අඩු මාසෙන් දරු පැටියෙක් උපදිනවා.......පවුලේ නෑදෑ හිත මිතුරන් බයෙන්....හැමදෙවිදෙවතාවෙක් ටම බාර වෙලා තියෙද්දී.......සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් දරුවට කරදරයක් නැහැ.....ඊට පස්සේ අඩු මාසෙන් උපන් කිරිකැටිය ලොකුමහත් කරගන්න මගේ බිරිඳ නොවිඳිනා දුක් වින්ද.....මම මන්නාරමට වෙලා හිටිය......දරුවා වෙනුවෙන් ඇය දාහක් දේ කරද්දී.....මම කටින් නම් කොච්චර බතල හිටෙව්වද........


තාත්තා උනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින.......
.......
අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස
නොහැඟේ ලඟින් හිඳ මගේ හිස සිඹින සඳ......


කොහොමෙන් කොහොමෙන් හරි දැන් අවුරුදු දෙකක් ගෙවිල.......පුංචි බිනුට දැන් අවුරුදු දෙකයි.....උපන්දිනේ දවසට ලස්සන සින්දුවක් කල්පනා කලා ......උපන්දින සින්දුනම් කොච්චර තියනවද.........එත් මේ සින්දුව.....මං හිතන්නේ ඔබ අහලත් නැතුව ඇති.......




අදයි පුතේ ඔබෙ උපන්දිනේ
වැඩියි මගේ හදවතේ සෙනේ...
මා සතු වස්තුව ඔබයි පුතේ...
මා සතු වස්තුව ඔබ සතු වේ...


අදයි පුතේ...//


උපන් දිනේ ආසිරි....///
ඔබ හා සමගින් එකට ගැටී
මතුවට යන පෙරමුණට වැටී
පුතුගෙ යහළුවන් පැමිණි සිටි
අරගෙන ආසිරි කුසුම් මිටි...//


හඳට ගියත් මතු අනාගතේ
ඔබට උරුම හෙළ බිමයි පුතේ..
රටට දැයට වැඩ කලොත් පුතේ..
නමට ඔබේ තැන ලැබෙනු ඇතේ ...


උපන් දිනේ ආසිරි....///


ඔබ හිනැහෙන විට බිලිඳු පුතේ
මුළු ලොව මට අමතකයි පුතේ...
මගේ සැනසුම ඔබ ලඟයි පුතේ..
ඔබේ සැපත මගේ සැපයි පුතේ //

උපන් දිනේ ආසිරි....///



.මේ ගීතය ගයන්නේ කේ.සේන .....එහෙම කිව්වට ඔබ දන්නේ නැහැ නේද මේ ගායකයා.....හ්ම්..
එහෙනම් ඔබ දන්නවද "මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ...."ගීතය.....අන්න ඒක ගයන්නෙත් ඒ ගායකයමයි ..........
මේ සින්දුව youtube එකේ හොයාගන්නත් බැරිවුණා.....අන්තිමට මට upload කරන්නත් උනා.......හ්ම්.....
මගේ ආදරණීය ලොකු පුතා...බිනුල ප්‍රභාශ්මිත......ඔයාට සුබ උපන්දිනයක් වේවා.....



1 comment: