Friday, June 6, 2014

තව ළඳකට මේ හිත පුද දෙන්න..............අවසරයි

අකුණක් පිපුරුව..
ආකහේ නෙමේ හිත අද්දර.
මන්නාරම් අහසේ කොහෙන්ද අකුණු.
වෙනදට මම ගීතවලට ආගිය කතා ලිව්වට අද ඊට වඩා වෙනස් දෙයක්. අද එක්තරා කතාවකට ගීත. 
මට මේ පොස්ටුව කොතනින් පටන් ගන්නද කියල තේරෙන්නේ නැහැ. මම ප්‍රේම කතා , විරහ කතා දැකලතියනවා තමයි....චිත්‍රපටි වල. නමුත් මෙහෙම කතාවක් හැබෑලෝකේ .....හ්ම්
මුලින් මම හිතන් හිටියේ මේ කතාවට හොඳම ගීතය නන්දමාලිනි ගයන "කඩ මන්ඩියේ දොළ අයිනේ...." ගීතය කියල, නමුත් මෙහි කතාව වෙනස්....මගේ මතකයට අවා ප්‍රේම කිර්ති ද අල්විස් ලියපු වික්ටර් රත්නායකයන් සංගීතවත් කරලා නිරංජලා සරෝජිනී එක්ක ගයනා කරපු මේ ගීතය...

පි: සමුගන්නට අවසරයි
ගැ : අවසරයි අවසරයි
පි: මගේ හිත මට දෙන්නකෝ
ගැ : ඔබෙ හිත අරගන්න අවසරයි

පි: තව ළඳකට මේ හිත පුද දෙන්න
ගැ :- අවසරයි
පි: අත් හැර ඔබෙ අත් ඇගෙ අත ගන්න අවසරයි -
ගැ :අවසරයි
ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි....
ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි - අවසරයි අවසරයි

පි: පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි -
ගැ : අවසරයි
පි: රන් සමනල ලෝකයකට යන්න අවසරයි
ගැ : අවසරයි
පි: තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි
ගැ : අවසරයි
මග වැරදුණු දා මා වෙත එන්න අවසරයි....

පෙම් කරන මේ යුවලට එක් වන්න අවසර නැහැ . නමුත් ඔහු යුවතියගෙන් සමුගන්න අවසර ඉල්ලනවා...ප්‍රේමය ජයගන්න, සටන් කරන්න ඔහුට හැකියාවක්, ශක්තියක් නැහැ. ඔහුට තියන එකම දේ තමයි , පහසුම දේ තමයි වෙන් වෙන එක . මගේ හිත මට දෙන්න සමුගෙන යන්න..මේ යුවතිය කොච්චර ශක්තිමත්ද කියනවනම් ඇය අවසර දෙනවා.....ඔබේ හිත අරන් යන්න අවසරයි....
ඔබ මට හිමි නැත්නම් බලෙන් තියාගෙන මොකටද, අපට අපේ මිහිරි මතකයක් ඇත. මම ඒ මතකයේ සදා තනිවෙන්නම්. ඔබ මට එසේ තනිවෙන්නට කියන්නේ නැත.
නමුත් එය මගේ සතුටයි.... ඔබට පෙම් කල හදින් මට වෙන හිතකට පෙම් කරන්නට බැරිය. නමුත් ඔබ එසේ නොකරන්නැයි මට නොකියයි. මම තරහ නැහැ. ඔබ ගැන අහිතක්ද නැහැ. මා දන්නා එකම දෙය මගේ ජීවිතයට ඒ මතකය විතරක් ඇති බවයි....

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයයි...............කියන ගීතයට නියම පෙර වදන ඇයයි

ඔහුගේ හිත අරගෙන යන්න, වෙන ළඳකට පුද දෙන්න , හීනෙන්වත් නැවත ඇයව මතක් නොවෙන්න......ඇය අවසර දෙනවා....
ඒ විතරක් නොවේ......මග වැරදුන දාට නැවත ඇය වෙත ආපසු එන්න......හ්ම් ..... ඒ වෙනුවෙන් ඇය කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට පුදදුන් හද මම වෙනකෙකුට දෙන්නේ කොහොමද.......එය ඔහුටත් ඔහුටත් දෙදෙනාටම කරන අසාධාරණයක්........

.....සිහිනෙන් ඔබ මට පෙනෙනවානම්..අවදි නොවී ඉන්නම්..
.....කිසිදා ඔබේ අත නොලැබේනම් ....සැමදා තනි වෙන්නම්...

එහෙම කියන්නේ ඔහු නොවේ ඇය .....
මෙහෙම අය මේ ලෝකේ ඉන්නවද?
ඉස්සරනම් මාත් හිතුව ඕව තියෙන්නේ නවකතා පොත් වල කියල.
ගොළු හදවතේ දම්මි සුගත්ලා,
එහෙම නැත්නම් බයිස්කෝප් වල කියල.....නැහැ එහෙම අය ඉන්නවා..... මම දැක්ක.....



No comments:

Post a Comment