Tuesday, June 10, 2014

ඔබ ගඟක් වගෙයි.............



මේ දවස් වල අනෝරා වැස්ස...හෙන ගෙඩි පුපුරනවා කණ ලඟින් වගේ...පුංචි කඳුළු බිංදු වගේ අහසෙන් වැටිච්ච වැහි බින්දු ගලාගෙන යනවා.... පහත් තැන් හොය හොයා... ආකසෙට වඩා හයියෙන් හෙණ පුපුරනවා..... පුංචි හිතක් ළඟ....


ගඟ තාමත් ගලනවා.....හරියට ඔබ වගේ.... මම ගං ඉවුර වගේ ඔහේ බලාගෙන ඉන්නවා......
ඔව් ...ඔබ ගඟක් වගේ තමයි...මේ සිත් ඉවුරෙන් ඈතට ඇදී ගෙන යන හැඩ.... හ්ම්
මේ ඇයගේ කතාවද...ඔහුගේ කතාවද....එහෙම නැත්නම් ඔබගේ කතාවද?......
හැමදාමත් තැනින් තැනට මාරු වෙවී ගෙවන ජීවිතේ මට කොච්චරනම් මිනිස්සු හම්බ වෙලා තියනවද....සමහරක් මිනිස්සු....සමහරක් නොමිනිස්සු.....හ්ම්
මහා වැස්ස තාම වහිනවා....දාහයෙන් වේලිච්ච ගතට වැහි බින්දු සිසිලසක් උනාට....මොර සූරන වැස්සකට අහුවුනාම හිතෙනව වැහි බිඳු වදිනකොට හීන් රිදුමක් ඇඟට දැනෙනවා නේද කියල. ගං ඉවුරු වලටත් ඒ රිදුම දැනෙනවා ඇති නේද....

හිත් ඉවුර රිදවල ඔබ ගඟක් වගේ ඈතට ඇදිල යනව. මොනවා කරන්නද ඔය හදවතේ ආදරය වගේ තමයි....එක තැන රැදෙන්නේ නැහැ....චන්චලයි.....

නමුත් මගේ ආදරය ඔබට පිදු ආදරය...අර ඈත පෙනෙන නිල් කඳුවැටිය වගෙයි.....
කිසිදා නොසලෙයි...වෙනස් නොවෙයි...

මේක කියන්නේ මම නොවෙයි....
මේ කතාව කියන අය ගොඩක් හම්බවෙලා තියනවා.....මට ජීවිතේදී....
හේතුව මම දන්නේ නම් නැහැ.... ඔවුන්ගේ කතා මට නොසඟවා කියල තියනවා ...බොහොමයක් දෙනා...
මං හිතන්නේ ඔවුන් මාව විස්වාස කරනවා ඇති.... කාටවත් නොකියූ කතා කියන්න.... සමහර කතා හරිම සුන්දරයි නමුත් සීතල වැහි පොද ඇඟට වැටෙද්දී දැනේනේ රිදුම වගේ සැඟවුන රිදුමකුත් තියනවා.....

කොහොමහරි ඒ හැමෝම වෙනුවෙන් සුනිල් එදිරිසිංහ මේ පද පෙළ ගයාවී.....ඔහුගේ දුක්බර හඬින්

ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳී
ඔබ ගඟක් වගෙයි
සිත් දෑලවරින් ඈතටම ඇදෙයි

මහ වැස්ස වැටී ගඟ දිය කැලඹෙයි
ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි එක තැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි

කඳු යාය නිලෙන් නිල් අහස වසයි
ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙල නිසලයි කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි

ගඟ තවම ...



No comments:

Post a Comment