Friday, June 20, 2014

තල් අරඹට නිළි වැස්සක් ......................................

පුර සඳක් වෙන්න මට දීපාවලී අහස යට
මද නලක් වෙලා එක්වන්නට ඔබගේ සුසුමට
ගීතයක් වෙලා සසර තනුව වයන්න හිටි මට
හීනයක් වගේ සුවඳ පිරුනු යන්න ගියා ඔබ.....


නෑගම් යන යාල්දේවි පේදුරු තුඩුවට
රේල් පීලි  අප කවදාවත් එක් නොමවන
මේ සිහින කන්ද යට තනිවී සිහින දකින්නට
මගෙ නෙතට නින්ද නෑ තනියට නුඹ ලඟ නැතිකොට.....

දෙවොලේ දිලෙනා පහනක් වී සැලෙන්න සුළඟට
මේ පුංචි සිතක් මඟ බැලුවත් පෙරුම් පුරාගෙන
මහ වැස්සක් වී වහින්න හිටියත් නුඹෙ දෙරණට
නිළි වැස්ස වෙලා යන්න වුනා පාවී අහකට.....

No comments:

Post a Comment