Friday, June 6, 2014

රත්තියි.... පැටියයි......

දැන් පොස්ට් ලියන එක ඇරෙන්න වෙන වැඩක් නෑ . හිටි ගමන් සමීරයා කතා කරලා මොකක් හරි ගීතයක් කියල ඒකට කතාවක් ලියන්නලු. එහෙම නැත්නම් කාන්චනා නංගි කතාකරල මොකක් හරි සිංදුවකට කතාවක් ලියන්නලු. ඒත් නැත්නම් තවත් කව්රු හරි කතා කරනවා......දෙය්යනේ ආගිය කතා කියල කොච්චරක් නම් ලියන්නද...
මම මට ඕනැ ගීතයකට ලියනවා.... හඃ ,



මෙතන කතා දෙකක් තියනවා.... ජවනිකා දෙකක්....මීට අවුරුදු 28කට ඉස්සර.... එක වසරේ හිටිය පොඩි එකෙක් හිටිය. මේ පොඩිඑකා ගේ ගෙවල් කිට්ටුව ගෙදරක එල හරක් බානක් හිටියා..
හරිම ලස්සනයි. ඔන්න ඔය එල දෙනට පොඩි පැටියෙකුත් හිටියා ...උගේ නම් හඳයා. එතකොට අර පොඩි එකාගේ නම මගේ නමමලු.
එළදෙනගේ නම රත්ති...ඌ අහල පහල ගෙවල් කීපයකටම කිරි දෙනවා. පොඩි එකා හරිම ආසයි මේ සත්තුන්ට.... දවසක් පොඩි එකා ඉස්කෝලේ ගිහින් එද්දී රත්තියි පැටියයි පෙන්න නෑ . අයිති මාමාගෙන් ඇහුව කෝ කියලා. ආ.... නාන ඇවිත් අරන් ගියා කිව්වා.... ඒ කව්ද ඒ.....නානා......

ජවනිකාව 2: රඹුක්කන ඉස්ටේසම, 

අර පොඩි එකා තාත්තගේ අතේ එල්ලීගෙන ඉන්නවා නුවර යන්න කෝච්චියක් එනකන්...ඔන්න වෙන කෝච්චියක් අවා . එක පෙට්ටියක හරක් රංචුවක්....හරහට තියන පටි වලින් පේනවා... උන්ට යන්තම් හුස්ම ගන්න ඇති.... අර පොඩි පැටව් ඉන්නවා....මේ ගොල්ලන්ව කොහෙද අරන් යන්නේ......

මම ඇස් පියගන්නවා.....ප්‍රේම කීර්ති ලියපු....වික්ටර් රත්නායක සංගීතවත් කරපු.... සුනිල් එදිරිසිංහයන්ගේ හඬ මට ඇහෙනවා....

බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ

 මට තාම රත්තියි පැටියයි මතක් වෙනවා.....
මේ පොසොන් මාසේ.....ලංකාවට බුදු දහම ලැබුන එක සමරනවා අපි............හ්ම්
යාලුවනේ ඔයගොල්ලන්ගේ   මෙසේ දීසියක අර මම අවුරුදු 28කට කලින් දැකපු.... නානා අරන්ගිය රත්තියි..පැටියයි ඉන්නවද කියල බලන්න......



No comments:

Post a Comment