Thursday, June 5, 2014

මරණ බයක් නෑ අම්මා සිහි වෙයි .........................................

පුරුදු විදිහට ලැප් ටොප් එක ඉස්සරහ වාඩි උනේ සින්දුවක් අහන්න...මොනවත් කුරුටු ගාන්න හිත දෙන්නෙම නෑ . මෙන්න Sameera දිල්හාන් on line .........

උඹ "..බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ.." හිතට දැනෙන විදියට අහල බැලුවද?


හ්ම්

..බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ..
..දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ..
..මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ..
..මා ගෙල ලූ බව ඇයට කියනවද බුදු භව ලැබෙයි අනේ..

..අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා..
..ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා..
..ඇති දා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා..
..නැති දා ළඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා..

..බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි..

..නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනෙක සමා..
..මරණයේ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමුගනිමි මෙමා..
..කෙළිලොල් කම් කල මා සතු දිවි මඟ දැන් දැන් වේවි නිමා..
..මරණ බයක් නෑ අම්මා සිහි වෙයි .........................................

..බුදුහාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ..
..දුක හිතිලයි මා හිර ගෙට ආවේ පුතුගේ මරණ දිනේ..
..දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ..
..මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ..

සිරකරුවෙකුගේ සිතුවිලි ඇතුලත් ගීත ගොන්නක් අපේ ගීත සාහිත්‍යයේ තියනවා තමයි... නමුත් සනත් නන්දසිරිගේ හැඳින් ගැයෙන මේ ගීතය ඉතා විශේෂී ගීයක්..මරණ දඬුවමට මුහුණ දෙන්න ඉන්න සිරකරුවෙකුගේ අත්දැකීම.....තව මොහොතකින් මැරෙන්න ඉන්න බව දැන දැන ජීවත් වීමම.........හ්ම්,
මරණය පෙනී පෙනී ඉන්න මට හාමුදුරුවනේ ඔබ වහන්සේව පෙනෙන්නේ බුදු හාමුදුරුවෝ වගේ. මට දැන් බුදු බන අසන්න හිත එකඟ කර ගන්න බැහැ ... අනේ මගේ අම්මා ළඟ හිටියනම්.......
අම්මා .........
සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා නිමකල පිළිරුව අම්මා.................
මම උපදිනකොට, මම වැටි වැටි ඇවිදිනකොට....... මම ඉස්සරලම ඉස්කෝලේ යද්දී... මට දුකක් දැනුන හැම වෙලාවකම ළඟ හිටිය අම්ම ...... අනේ මගේ මරණ මොහොතේත් හිටියනම්....අම්මා හිර ගෙදර දොරකඩට වෙලා බලාගෙන ඇති... අනේ
මට ගෙල වැළලු බව අම්මට කියනවද.............අම්මා අඬාවිද?

..අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා..
..ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා..
..ඇති දා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා..
..නැති දා ළඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා..

මොනතරම් හයිරන් පෙන්නුවත්...මොන කතා කිව්වත්..මොන තරං චන්ඩියෙක් උනත් ....අන්තිමේදී මරණය ඉදිරියේ....
නැතිදා හැමදාම මගේ ළඟ හිටිය අම්ම..... අනේ අම්මේ අඩන්න එපා.
මේ ගීතයේ වඩා සංවේදීම පද පේලිය තමයි තුන් වන පද පේලිය. මා දකින විදියට මෙම ගීතය කුටප්රාප්තියට පත් වන්නේ මෙතැනදීය. තුන් වන පද පීලිය පුරාම ඇත්තේ එයයි. මොන තරම් කතා කිව්වත්...මොනතරම් ගීයෙන් සංවේදී වුනත්.... වරද වරදමයි...එයට කිසිම සමාවක් නැහැ. තව තත්පර කිහිපයකින් මම මරණයන් වැළඳ ගනිමි. අනේ හාමුදුරුවනේ මට මගේ අම්මගේ දෙපා සිඹ සමුගන්න බැහැ ... අම්ම මෙතන නැහැ. මම ඔබ වහන්සේගේ දෙපා වැඳ සමුගනිමි...කෙළිලොල් මගේ ජීවිතය පවතින්නේ තව තත්පර ගණනයි.
"..මරණ බයක් නෑ අම්මා සිහි වෙයි ........................................."
කියන්න ලැබෙන්නේ එච්චරයි......ඒ පදය ඉවර කරන්න ලැබෙන්නේ නෑ. ගෙලට තොන්ඩුව වැටෙනවා. ජීවිතයෙන් ...හ්ම්...සමුගන්නවා...... එතනින් එහාට වචන නෑ .මළ මිනියකට කතා කරන්න පුළුවන්යැ . එතනින් එහාට ගීතය සම්පූර්ණ කරන්නේ වාදනයෙන්....

ඊළඟ පද පේලිය කියන්නේ අම්මා ......
අම්ම කොච්චර වැරදිකරුවෙක් උනත් තම පුතාගේ වැරද්දක් දකින්නේ නැහැ. එහෙම තමයි අම්මල. උනහපුලුවට උගේ පැටියා මැණිකක් ලු.....
..දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ..
..මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ..

පුතේ එන ආත්මෙත් උඹ මගේම පුතෙක් වෙලා හොඳ මිනිහෙක් වෙයන්..................

හ්ම්..............................





No comments:

Post a Comment