Wednesday, June 18, 2014

නුඹට සාප කරනු බැරී.........................



මන්නාරමින් ඇවිත් දැන් මාස දෙකක් විතර වෙනවා....හරියටම.. ආයෙත් මන්නාරමට පය තිබ්බ.... ඉතිරි වෙලා තිබබ ලියකියවිලි වැඩ වගයක් ඉවරයක් කරන්න.....
ඉස්සර පුරුදු වෙලා තිබ්බ විදිහට...දැන් ටික ටික නුපුරුදු වීගෙන එන විදිහට මගේ වාහනය වේලි මඟ දිගේ ඇවිත් මන්නාරම් දූපතට ඇතුල් උනා ......කොහොමෙන් කොහොමෙන් හරි වැඩ කටයුතු ටික අහවර කරගන්න කොට බිං කරුවලත් වැටුන.....පරෙයියෝ රංචු පිටින් යනවා කූඩු වලට.....ඉස්සර නිල නිවාසයේ මගේ කාමරයේ බැල්කනියේ අයිතිකාරයා වෙලා හිටපු බකමූණා මතක් උනා.....ඉස්සර මගේ තනියට සින්දු කිව්ව බකමූනව මතක් උනා ...... ඉස්සර අපිත් එක්ක හිටපු මෙලාන් සහෝදරයා කිව්වේ...ඒ බකමූණා හරිම දුර්ලභ වර්ගයක එකෙක්ලු.....කාංචනා නංගි නම් කිව්වේ ඒ බකමූනගේ සද්දේ දැන් ඇහෙන්නේ නැහැ කියල....ඔව්.....මම යනවත් එක්කම බකමූනත් යන්න ඇති..... 
වැල්වටාරම් ගොඩක් ලියවුනා ........මේ දවස් වල මන්නාරමට හරියට හුළඟ......මම ආපහු පාලම උඩට ආව.......හුළඟ බලන්න...හුළඟ විදින්න......අම්මෝ....හෝ....හෝ...ගාල හුළඟ ඇවිත් ඇඟේ වදිනවා..........මහ හයියෙන් කන්පෙති වල හුළඟ වදිනකොට....කන්දෙක කීං ගානවා.......මම දෙපස බලනවා.....මගේ දෙපසින් මගේ සහුර්දයෝ දෙන්න ඉන්නවා......උන් දෙන්නත් මුහුද දිහා බලාගෙන.......මහ හුළඟට කම්බි හෙල්ලෙනකොට පාර අයිනේ ලයිට් කණු වලින් කිරිස්....කිරිස්...ගාල සද්දෙකුත් එක්ක ගිනි පුලිඟු පනිනවා......හරියට කණාමැදිරි එලි .වගේ.........නැහැ ඊට ලොකුයි.....රෑ බදුල්ලන් රංචුවක් වගේ......

හඳ තවම ඇවිත් නැහැ අහසට......පෝය පහුවුනා විතරයිනේ තවම.......අනුරධපුරේනම් ඊයෙත් තිබ්බ හඳ ....... ඔව්...මගෙත් එක්ක එන්න නැතුව ඇති........
කරුවල ආකහේ පුරාවට.......පුංචි පුංචි සේපාලිකා මල් වට්ටියක් හැලිලා.....මම වාහනේ බොනට්ටුව උඩ ඉඳගෙන අහස දිහා බලන් ඉන්නවා..... එක සහුර්දයක් මතක් කරනකන්ම අමතක වෙලා තිබ්බේ මම ඇඳන් හිටියේ සුදු පාට ඇඳුමක් කියල........වාහනේ බොනට්ටුව වසාගෙන හිටපු මන්නාරම් දූවිලි තට්ටුව මගේ ඇඳුමේ බතික් රටාවක් ඇඳලා තිබ්බ.......
මම අහස දිහා බලාගෙන ආයෙමත් ............වලාකුලක් ඇවිත් තරු රටා වහල තිබ්බ.......එක රතුපාට තරුවක් විතරක් ඉහට උඩින් තිබ්බ.......එක සහුර්දයෙක් කියනවා ඇහුන ඒ අඟහරු කියල........මට සින්දුවක් මතක් උනා....... ඔව්......මට තක්කෙටම කිව්වැකි ඔබ හිතන දේ....ඔබ හිතන්නේ මට මතක් උනේ ප්‍රේමකීර්ති ලියපු....වික්ටර් රත්නායක කියන තනි තරුවේ ගීතය කියල නේද.......
ඔබ වැරදියි......මම කලිනුත් කියල තියන විදිහට මට එක එක සිද්දි වලදී මතක් වෙන සින්දු සමහර වෙලාවට කිසිම ගැලපීමක් නැහැ.........සින්දුවේ තේරුමට ළඟින්වත් යන්නේ නෑ ...මම කියන සිද්දිය......ඒත් ...මොනවා කරන්නද.....ඒ මගේ හැටි.....දැන් ඉතින් මට බනින්න.........මම අහස දිහා බලාගෙන......මගේ දෙසවන් වලට ඇහෙනවා වගේ ගීයක්......තනි තරුවේ නෙමේ.....හැබැයි ඇහෙන්නේ වික්ටර්ගේ හඬම තමයි......


නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...

මා හැර ගිය දුකින් තැවී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
හිතේ වෛර බඳිනු බැරී

නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනැහෙන් මට හිනැහී

ගේය පද මහාචාර්ය සුනිල් ආරියරත්න අතින් තමයි ලියවුනේ....සංගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්


තනි මම ඔබට කියල තියනවා මේ ජීවිත සයුරේ මට එක එක විදිහේ මිනිස්සු හම්බ වෙලා තියනවා.....සමහර චරිත පොත්වල විතරක් ඇති කියල අපි හිතාගෙන ඉන්න චරිත.......මේ ඔහුගේ.....ඇයගේ .....ඔවුන්ගේ.....කතාවයි......තනි තරුවේ කතාවයි......ඔබව මතක් වී වෙව්ලන අතැඟිලි අග රැඳී පන්හිඳෙන් ලියවෙන කවිය......ඔබට සොඳුරු ගීතයක්.......තනිකම ඉවසන්ට බැරුව ගලන කඳුලැලි....සිහිල් පැන් බිඳක් ඔබට....සතුට ගෙනෙනෙ........දුකයි තමයි හිත පිරෙන්න.......පපුව දාල යනවා තමයි හෝස් ගාල.......එත් මම කොහොමද ඔබට.....ඔහුට....ඇයට ....සාප කරන්නේ......ඔබ නපුරු වූ වග දැන දැනත්......මම කොහොමද වෛර කරන්නේ පෙම්කල හිතකට.........නින්ද යන්නේ නැහැ මට........මම කොහොමද නිදා ගන්නේ......යන්තම් ඇස් පියවෙනකොට......ඔබව පෙනෙනවා.........ඇස කඳුලින් තෙත් වෙනවා........මතකය විතරක් හීනෙන් ගෑ සවඳක් වගේ දැනෙනවා........මම තනි වූ බව දැක දැක......ඔබේ මුවේ හීන් හිනාවක් ඇඳුන දැක්ක මං .......ඔච්චමට වගේ.........


තනිතරුව අන්න එහෙම කොඳුරා කියනවා.....මම ආයෙත් වට පිට බැලුව......මගේ දෙපසින් ඉන්න සහුර්දයෝ දෙන්නට ඇහුනවත්ද තනි තරුව මට කිව්ව දේවල්.....නැහැ ඇහිලා නැහැ......ඇත්තටම.......ඒ තනි තරුව.....තනි තාරකාව කිව්ව කතාව........මම මෙහෙම සටහන් කරනවා....ඔහුට/ඇයට ............උපහාරයක් ලෙස.........


රෑ උනා මචන්.....දැන් යමු නේද..........මට එහෙම කියනවා ඇහුනා .....


2 comments:

  1. පිස්සු හැදෙනවා...බන්.
    ඔය වගේ සිද්ධි මිනිස්සුන්ට වෙනවා තමයි. එත් උඹ උඹේ ජීවිතයේ සිද්දි හැම එකකටම සින්දුවක් පටලවගන්නවා.... වෙලාවකට හිතෙනවා උඹ කියන්නේ බොරුද කියල....හැබැයි පට්ටම පට්ට පට පට.....

    ReplyDelete
  2. කැලුම් අයියේ.... බකමූණා තවම ඉන්නවා. ඊයෙ රෑත් ආව.
    -

    ReplyDelete